News Line| Off Air
Generic placeholder image

Oct
8

අපායේ ඇල්ලට තවත් අලි පස්දෙනෙකුගේ ජීවිත බිලි වෙයි

1966 Views


අපායේ ඇල්ලට තවත් අලි පස්දෙනෙකුගේ ජීවිත බිලි වෙයි

මධ්‍යම තායිලන්තයේ කාවෝ – යායි ජාතික වනෝද්‍යානයේ පිහිටි හෙව් නරොක් දියඇල්ලෙන් ඇද වැටී මියගිය වන අලි පස්දෙනෙකුගේ සිරුරු නිරීක්ෂණය කර තිබෙනවා.

මීට පෙර මෙම ඇල්ලට වැටුණු වන අලි හයදෙනෙකු පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්වූ අතර, ඇල්ලේ ප්‍රපාතය අසලට පැමිණි වන අලි දෙදෙනෙකු බේරා ගැනීමට සම්ත් වී තිබෙනවා.

ඇල්ලට ඇද වැටුණු අලි පැටවෙකු මුදාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදියි අනෙක් අලි පස්දෙනා දියේ ගිලී තිබුණේ.

මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට තායි බලධාරීන් ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන ඇති අතර, ඉන් පසුව එහි අලි 11 දෙනෙකුගේ සිරුරු නිරීක්ෂණය කර ඇති බව සදහන්.

අපායේ ඇල්ල යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම දියඇල්ල දැන් සංචාරකයන් සඳහා වසා දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post