News Line| Off Air
Generic placeholder image

Oct
8

අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් ගුවන් තොටේදී අල්ලයි

1029 Views


අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග  කාන්තාවන් දෙදෙනෙක් ගුවන් තොටේදී අල්ලයි

ශ‍්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 02 යි ග‍්‍රෑම් 900 ක් සමග කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අයිස් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 25 යි දශම 04 ක්.

සැකකාර කාන්තාවන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ තිබුණා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 68 හැවරිදි සහ 36 හැවරිදි මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව සහ දියණිය බවයි රේගුව සඳහන් කළේ.

මවගේ ගමන් මලූ තුළ තිබී අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 1 යි ග‍්‍රෑම් 500 ක් සොයා ගෙන ඇති අතර දියණියගේ ගමන් මලූ තුළ තිබී අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 1 යි ග‍්‍රෑම් 400 ක් සොයා ගෙන තිබුණා. මේ අතර ඊයේ හෙරොයින් කිලෝ 50 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද පොලිස් මත් ද්‍රව්‍ය නාශක කොට්ඨාශය වෙත භාර දීමට නියමිතයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමන් අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා එම කොට්ඨාශය වෙත භාර දෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. රුපියල් මිලියන 500 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 50 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීම් ස්ථානයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post