News Line| Off Air
Generic placeholder image

Oct
8

ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට චීනය සමත් වෙයි

2479 Views


ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට චීනය සමත් වෙයි

රැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට සිචුවාන් ප්‍රාන්තයේ යෝධ පැන්ඩා සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය සමත් වී තිබෙනවා.

එම පැන්ඩා රැඳවුම් මධ්‍යස්ථානය එරටට පැමිණෙන සංචාරකයින් අතර අතිශය ජනප්‍රියයි.

වර්තමානය වනවිට එහි වාසය කරන පැන්ඩා සත්ත්වයින් ගණන 312ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට රැකවරණය සැපයෙන්නේද මෙම මධ්‍යස්ථානයේදීයි.

රැඳවුම් මධ්‍යස්ථානයේ වාසය කරන ලාබාලතම සාමාජිකයන් වන්නේ අගෝස්තු මස 31 වැනිදා උපත ලැබූ නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනෙක් බව සඳහන්.මේ වනවිට මාසයක් පමණ වයසැති පැටවුන් නිරෝගී සුවයෙන් පසුවන බව එහි කාර්ය මණ්ඩලය පවසනවා.

රැඳවුම් භාරයේ පසුවන ලොව සමස්ත පැන්ඩා ගහණයෙන් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් වාසය කරන්නේද මෙම මධ්‍යස්ථානයේ බව සඳහන්.

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ යෝධ පැන්ඩා සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය අක්කර 600ක් පුරා විහිදී ඇති අතර මෙම සංරක්‍ෂණ මධ්‍යස්ථානයට දිනකට දසදහස් ගණනින් සංචාරකයින් පැමිණෙන බවට වාර්තා වනවා.

දසදහස් ගණනින් සංචාරකයන් පැමිණියද, මෙම භූමිය ඉතා සන්සුන් මෙන්ම ඉතා පිරිසුදු මට්ටමින් පවත්වාගෙන යෑම එහි විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post