News Line| Off Air
Generic placeholder image

Oct
8

ලෝක වාර්තා බිහි කරන රජයේ නිවාඩු

1487 Views


ලෝක වාර්තා බිහි කරන රජයේ නිවාඩු

ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව රජයේ නිවාඩු වැඩිම රට වශයෙන් වාර්තා ගත වීමට සුදානමින් සිටිනවා. ඒ මේ වන විට එම ස්ථානය දිනාගෙන සිටින නිවාඩු 28 ක් ලබා දී තිබෙන කාම්බෝජය ඉදිරි වර්ෂයේදී එනම් 2020 දී එම නිවාඩු සංඛ්‍යාව 22 දක්වා අඩු කිරීමට තීරණය කර තිබීමත සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාව රජයේ නිවාඩු දින අතින් ප්‍රථම ස්ථානයට පත් වීමට සුදානම් වෙනවා. මේ පිලිබදව අදහස් දක්වන විවිධ පාර්ශ්වයන් සදහන් කරන්නේ ලෝක ආර්ථකයට බලපෑම් කරන රටවල් අතරින් 80% ක් පමණ ඔවුන්ගේ සාමාන්‍ය නිවාඩු දින ගණන වසරකට 12 ක් පමණ වේ. ඒ පැහැදිලි වන්නේ රටක් වශයෙන් අප මේ පිලිබදව දැඩි අවදානයකින් යුතුව කල්පනා යුතු බවයි.

කෙසේ වෙතත් ජනප්‍රිය කාරණය වන්නේ රජය සේවකයින්ට නිවාඩු මදිය යන්නයි. මේ නිවාඩු වලට අමතරව සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්ද එකතු කල විට වර්ෂයකට රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු ගණන 125 දක්වා වැඩි වෙනවා. මේ බැලීමේදී අනෙකුත්සේවකයින්ට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු ගණන පමණ ඉක්මවා වැඩි බවයි පෙනෙන්නේ.

අනිවාර්යය රජයේ නිවාඩු ලබා දීම තුලින් රාජ්‍ය සේවකයින්ට තම පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට ද අවස්ථාව ලබා දී තිබෙන අතර එමෙන්ම ආගමික හා ජාතික උත්සව සැමරීම සදහා ද විශේෂයෙන්ම අවස්ථාව ලබා දී තිබෙනවා. මෙය සංස්කෘතික යුතුකමක් වශයෙන් අගය කල යුත්තකි.

කෙසේ වෙතත් රටක් සංවර්ධනය කරා යන ගමනේදී මෙලෙස රජයේ නිවාඩු පමණට වඩා වැඩි වීම සැලකිය යුතු බලපෑමක් බව නොරහසකි.


News Articles
Latest Videos
Most Popular Post