News Line| Off Air
Generic placeholder image

Oct
8

සංගක්කාර වගේ ගුණතිලකත් අපිට අභියෝගයක්

568 Views


සංගක්කාර වගේ ගුණතිලකත් අපිට අභියෝගයක්

පසුගිය කාලයේ පාකිස්තානයට කුමාර් සංගක්කාර අභියෝගයක් වූ ආකාරයටම මෙම තරගාවලියේ ධනුෂ්ක ගුණතිලක තම කණ්ඩායමට විශාල අභියෝගයක් වූ බව පාකිස්තාන් පුහුණුකරු මිස්බා උල් හක් පවසනවා.

තරගාවලියේ ජයග‍්‍රහණය වෙනුවෙන් පාකිස්තානයට ඇති අභියෝගය සම්බන්ධයෙන් විමසූ පසු ඔහු මෙසේ පවසා තිබෙනවා.

”හැම තිස්සෙම අපි ශී‍්‍ර ලංකාවත් එක්ක කී‍්‍රඩා කරන විට ඒ කාලයේ කුමාර් සංගක්කාර අභියෝගයක් වුණා. දැන් ඒ අභියෝගය අපිට ධනුෂ්ක ගුණතිලක විසින් කරනවා. ඒ වගේම ශී‍්‍ර ලංකාවේ දග පන්දු යවන්නන් ඉතාමත් හොදින් පන්දු යැව්වා. ශී‍්‍ර ලංකාවට හොද තරුණ සංයුතියක් ඉන්නවා පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන්. ඒ අතරින් ගුණතිලකගේ පිති ප‍්‍රහාරය විශේෂයි.”

පාකිස්තානය පළමු විස්සයි විස්ස තරගයේදී පරාජය කර දැමීමට වනිදු හසරංග සහ ලක්ෂාන් සදකැන් පන්දුව දග කැවූ ආකාරයද මිස්බාගේ ප‍්‍රශංසාවට ලක්ව තිබෙනවා.

විස්සයි විස්ස වැඩි අත්දැකීමක් නොමැති ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීම ඔවුන් දක්වන දක්ෂතා අනුව පහසු කටයුත්තක් නොවන බවද පාකිස්තානු පුහුණුකරු මිස්බා උල් හක් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post