News Line| Off Air
Generic placeholder image

Oct
9

කල් තියා පවතින මානසික ආතතිය ඔබව ලෙඩ කරන හැටි

930 Views


කල් තියා පවතින මානසික ආතතිය ඔබව ලෙඩ කරන හැටි

අද සමාජය තුල පවතින අවිවේකි භාවය පෞද්ගලික ජිවතය තුලද බොහෝ දෙනා තුල ඇත. මේ හේතුවෙන් ජනතාව විවිධ රෝගී තත්වයන්ට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම තරුණ පිරිස අතර ප්‍රකටව දැකිය හැකි මේ අවිවේකි භාවය දිගු කාලින ලෙඩ රෝග රැසකට මුල හේතු වෙනවා.

ඒ අතර ආතතිය අපේ ජීවිතයට විශාල ශක්තියක් ලබාදෙන මානසික ශාරීරික හා හෝමෝනමය ප්‍රතික්‍රියාවක් වන අතර එදා අපේ මුතුන් මිත්තන්ට මෙම ක්ෂණික ආතතිය ජීවිතය පවත්වා ගැනීමට අතිශයින් අවශ්‍ය වුණ අතර ඔවුන් එදිනෙදා ජීවිතයේදී සතුන් පිටුපස ලුහුබැඳ යන්න, සතුරාගෙන් බේරීම සදහා මෙන්ම සතුරා සමඟ සටන් කරන්න මෙම ශක්තිය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වුණා. නමුත් අද අපට එම මානසික අතතියයෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකි වී තිබෙන අතර එයම ලෙඩ රෝග රැසකට හේතු වශයෙන් සැලකෙනවා.

ඒ අනුව මෙම මානසික ආතතිය දිගුකාලීනව ප්‍රයෝජනයට නොගෙන තිබීම හේතුවෙන් ජීවිතය පවා අහිමි වීමට ඉඩ තිබෙන බව වෛද්‍යවරු පවසනවා.
ඒම නිසා අප මුලින්ම මෙම මානසික ආතතිය කලින් හදුනා ගන්නා ආකාරය සොයා බලමු.

පුද්ගලයෙක් තුල නින්ද නොයෑම, හිසේ බර ගතිය, උරහිස්වල තද ගතිය හෝ වේදනාව, නිතර අමතක වීම, කෑම රුචිය වැඩිවීම හෝ අඩුවීම, නිතරම ශරීරයට දැනෙන විඩාව ලක්ෂණයන් දක්නට තිබේනම ඔහු හෝ ඇය මානසික ආතතියකින් පෙළෙනවා විය හැකිය.

මෙම ආතතිය දිගුකාලීනව තිබීම හේතුවෙන් මානසික අවපීඩන තත්ත්වයට ගොදුරු වීමට ඉඩ තිබෙනවා. මානසික අව පීඩනය යනු මානසික ආතතිය නිසා හටගන්නා රෝගී තත්වයකි. මෙම රෝගයේ දක්නට ඇති ලක්ෂණ නම් ජීවිතය එපාවීම, කලකිරීම, නින්ද නොයාම, ජීවිතය නැතිකර ගැනීමට ඇති ආශාව, තමාගේ එදිනෙදා සියලු වැඩ කටයුතු අසාර්ථක වීම මානසික අවපීඩනයේ ප්‍රධාන ලක්ෂණ ලෙස සැලකෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම රෝගී තත්වය නැති කර ගැනීමටනම් මානසික ආතතිය නැති කර ගත යුතු බවයි. ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග ලෙස එකම දෙයක් ගැන නිතර මෙනෙහි නොකිරීම, ව්‍යායාමයකට යොමුවීම, ක්‍රීඩා කිරීම, ආදරය කරන අය ළඟට සමීප වීම , සමාජශීලී වීම, තනි නොවීම ද මීට යොදාගත හැකි අනිත් සාර්ථක ක්‍රමවේදයන්


News Articles
Latest Videos
Most Popular Post