News Line| Off Air
Generic placeholder image

Oct
9

නීති විරෝධී පෝස්ටර් හා බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක් බදවා ගැනීමට පියවර

1381 Views


නීති විරෝධී පෝස්ටර් හා බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක් බදවා ගැනීමට පියවර

ඉදිරි ජනපතිවරණය අදාළ නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සදහා කම්කරුවන් 1045 දෙනෙක් බඳවා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරනවා.

පොලිස් ස්ථාන මට්ටමින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන අතර ඒ සදහා රුපියල් මිලියන 45.8 මුදලක් වෙන්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර දුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම මෙලෙස නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට් හා බැනර් සිදු කරනු ලබන පුද්ගලයින් හටද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post