News Line| Off Air
Generic placeholder image

Oct
9

පුජිත් හා හේමසිරි රක්ෂිත බන්ධනාගාරය ගත කරමින් ඇප මත මුදා හැරීමේ නියෝගය මහාධිකරණයෙන් ඉවතට

455 Views


පුජිත් හා හේමසිරි රක්ෂිත බන්ධනාගාරය ගත කරමින් ඇප මත මුදා හැරීමේ නියෝගය මහාධිකරණයෙන් ඉවතට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයදුම්පත සම්බන්ධ තීන්දුව කොළඹ මහාධිකරණ විසින් ලබා දුන්නා.

ඒ අනුව කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ නඩුව විභාග කිරීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබූ නියෝගයක් අද(09) කොළඹ මහාධිකරණය විසින් ඉවත් කරනු ලැබුවා.

මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුවෙන් සදහන් කර තිබුනේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් පෙන්වමින් නීතිය අභිබවා  ඇති  බවයි. ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස  විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post