සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අවසන් 20 යි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ ලාහොර්හීදී.
තරග 03 කින් සමන්විත පලමු 20 යි 20 තරගාවලිය 2 ට බින්දුවක් ලෙස ජය ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.
දෙරට අතර පසුගිය 05 වනදා පැවති තරගයෙන් ලකුණු 64 ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
දෙවන 20 යි 20 තරගය පසුගිය 07 වනදා පැවැත්වුණේ ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදීයි.
එම තරගය ලකුණූ 35 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයින් නොමැතිව දෙවන පෙල කණ්ඩායමක් විසින් තරගාවලියක ජය වාර්තා කළේ ලෝකයේ 20 යි 20 ශ්‍රේණිගත කිරීම් වල පලමු ස්ථානයේ රැඳී සිටන කණ්ඩායම පරාජයට පත් කරමින්. මේ අතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ තවත් තරග 03 ක් අද පැවැත්වීමට නියමිතයි.
වේල්සය ෆීජී රාජ්‍ය ට එරෙහිව තරග වදින අතර ආජන්ටිනාව ඇමරිකා කණ්ඩායම සමග තරග වදිනු ඇති. අද ස්කොට්ලන්තය තරග වදින්නේ රුසියාවට එරෙහිවයි.