News Line| Off Air
Generic placeholder image

Oct
11

ඇල්පිටියේ කොට්ඨාශ 17ම ජයග්‍රහණය කළ හැකි බව ලක්ෂ්මන් යාපා කියයි

509 Views


ඇල්පිටියේ කොට්ඨාශ 17ම ජයග්‍රහණය කළ හැකි බව ලක්ෂ්මන් යාපා කියයි

ඇල්පිටිය ඡන්දයේ ප්‍රතිඵල මත ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ශක්තිමත්වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදි එහි නියෝජිතයින් ‍මේ බව සඳහන් කළා.

ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්සන් කළ ගිවිසුමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය වෙනුවෙන් සියලු බලවේග එකට එක් වී ඇති බව එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

එසේම අද රාත්‍රියේ දී ඇල්පිටියේ ඡන්ද ප්‍රතිපලත් සමඟ මෙය තවත් ශක්තිමත් වන බවද ඒ මහතා කියා සිටියා.

එසේ නොවුණහොත් ජනාධිපතිවරණය වන තෙක් තමන් කිසිදු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී නොවන බවත් ඇල්පිටියේ කොට්ඨාශ 17ම ජයග්‍රහණය කළ හැකි වනු ඇති බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post