News Line| Off Air
Generic placeholder image

Oct
11

රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්

562 Views


රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත‍්‍රිකාවේ මුද‍්‍රණය කරන අනුපිළිවෙළ සකස් කර තිබෙනවා.
මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළේ අපේක්ෂකයින් 35 දෙනොගේ නම සහ ලකුන අදාළ අනුපිලිවෙළ අනුව ඡුන්ද්‍ර පත‍්‍රිකාවේ මුද්‍රණය කිරීමට කටයුතු කරන බවයි.
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරක්ෂාව යටතේ දිස්ත‍්‍රික් මට්ටමින් ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය සිදු කෙරෙනු ඇති.
එක් කෝටි 70 ලක්ෂයකට ආසන්න ඡුන්ද ප‍්‍රතිකා ප‍්‍රමාණයක් මෙවර මුද්‍රණය කිරීමට නියමිතයි. ඡන්ද විමසීම පැවැත්වීමට දින 10 කට පෙර ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කර අවසන් කළ යුතුයි.

මෙවර ඡන්ද පත‍්‍රිකාව අඟල් 26 ක පමණ දිගකින් යුක්ත වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.ඒ, අපේක්ෂකයින් 35 දෙනෙකු ඊට තරග කිරීම හේතුවෙන්. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි 59 ලක්ෂ 92 දහස් 92 ක්.ජනාධිපතිවරණ මැතිවරණයට අදාලව නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට පොලිස් නිලධාරීන් 41 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් මුරපොළක් ස්ථාපිත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙය පැය 24 පුරා කි‍්‍රයාත්මක බවයි
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 30 සහ 31 යන දින වලදී සිදු කෙරෙනු ඇති. ජනාධිපතිවරණය නොමැබර් මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post