අපේ‍්‍රල් 21 වනදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එළඹෙන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සදහන් කළා.
කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම විශේෂ කාරක සභාව පත්කළේ ඉකුත් මැයි මස 22 වනදායි.
මැයි මස 29 වනදා එම කාරක සභාව පළමුවරට රැස්වූ අතර අවසන් වාර්තාව සකස් කිරීම සඳහා එම කාරක සභාව අවසන්වරට රැස්වන්නේ ලබන 17 වනදායි.
ගතවු කාල සීමාව තුළ කාරක සභාව මගින්, ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු 60 කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වනදා පුවත්පත් සාකඡාවක් පවත්වා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් කියා සිටියා.