අදත් දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව / මධ්‍යඹ / ඌව / දකුණ / උතුරු මැද සහ වයඹ පලාත් වලත් මන්නාරම සහම වව්නියාව දිස්ත‍්‍රික්ක වලත් මිලි මීටර 100 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර සහ දකුණු පලාත් වලත් පුත්තලම සහ යාපනය දිස්ත‍්‍රික්ක වලත් වෙරළබඩ ප‍්‍රදේශ වල උදෑසන නාලයේදී වැසි ඇතිවිය හැකියි.අකුණු අනතුරු වලක්වා ගැනීමට අව්‍යශ පියවර අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කර සිටිනවා.
මේ අතර පවතින වැසි සහිත කාළගුණ තත්වය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ප‍්‍රධාන ජලාශ 06 ක ජල මට්ටම සියයට 71 යි දශම 05 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදුලි බල මණ්ඩලය ප‍්‍රකාශ කළේ. ජලාශ වල ජල මට්ටම වැඩි වීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සියයට 45 දක්වා වැඩිවී තිබෙනවා.