ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.00 තෙක් වලංගු වන බව සදහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය හා වව්නියාව දිස්ත්‍රික්වලවත් තැනින් තැන සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සදහා සැලකිලිමත්ව කටයුතු කරන මෙන් ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.