ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාළ පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 485ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 12ක් හා වෙනත් පැමිණිලි 16ක් ඊට ඇතුළත් බව සදහන්.
ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 54ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 52ක්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ පැමිණිලි 01 ක් හා වෙනත් මැතිවරණ පැමිණිලි 01ක් ඒ අතර වන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.