ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීම සියයට 90 කින් අවසන් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ජන්ද පත‍්‍රිකා නොවැම්බර් මස 06 වන දිනට ප‍්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමට බලාපොරොත්තු වන බවයි.
රජයේ මුද්‍රණාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
පොලිස් නිලධාරීන් 41 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් මුරපොළක් එහි ස්ථාපිත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙම මුරපොළ පැය 24 පුරා කි‍්‍රයාත්මක අතර පොලිස් ස්ථාන කිහිපයක රාජකාරී කරන නිළධාරීන් මේ සඳහා අනුයුක්ත කර තිබෙනවා.
එක් කෝටි 70 ලක්ෂයකට ආසන්න ඡන්ද ප‍්‍රතිකා ප‍්‍රමාණයක් මෙවර මුද්‍රණය කිරීමට නියමිතයි.
මෙවර ඡන්ද පත‍්‍රිකාව අඟල් 26 ක පමණ දිගකින් යුක්ත වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ, අපේක්ෂකයින් 35 දෙනෙකු ඊට තරග කිරීම හේතුවෙන්.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි 59 ලක්ෂ 92 දහස් 96 ක්. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 30 සහ 31 යන දින වලදී සිදු කෙරෙනු ඇති.ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.