ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගයින් ගණන 58 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ආපදා හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා. තවත් 30 000 ක පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වල රදවා ඇති බවයි ජපාන ආපදා බලධාරීන් සදහන් කලේ. ජනාපයේ ටෝකියෝ නගරයේ නිවාස 1 ලක්ෂ 50 දහසක විදුලි සැපයුමට බාධා එල්ලවී තිබෙනවා
සුළි කුණාටුවත් සමග ඇති වූ දැඩි වර්ෂාව හමුවේ පිටාර ගැලූ ගංගා ගණන 200 ක්.
ජපානයේ ඉඩම් අමාත්‍යාංශ නිළධාරීන් සදහන් කලේමේ වන විට ගංවතුර තත්වය ක‍්‍රමයෙන් පහව යමින් පවතින බවයි.ඇතැම් ප‍්‍රදේශ වල පිරිසිදු කිරීම් ද ආරම්භ කර තිබෙනවා.