News Line| Off Air
Generic placeholder image

Oct
16

කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීම නවති.

521 Views


කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීම නවති.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ විසින් කොළඹ නගරයේ එක්රැස්වන කැළිකසල අරුවක්කාලු කසළ අංගනයට බැහැර කිරීම අද සිට අත්හිටුවන බව පවසා ඇත.
කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් අරුවක්කාලු කසල අංගනය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බවයි කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දිමක් කරමින් අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පෙන්වා දි ඇත.

නගරාධිපතිනිය පසුගියදා පුවත්පතකට පැවසු අරුවක්කාලු කසල අංගනය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් අදහස් දැක්වීමක් සිදුකර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
කැලිකසල ගැටලුව විසඳිමට සිය අමාත්‍යාංශය ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව පෙන්වාදෙන නිහාල් රූපසිංහ මහතා කෙරවලපිටිය කසල අංගනය වසා දැමිමෙන් පසුව කොළඹ කැලිකසල ගැටලුව විසඳීමට තිබූ එකම විසඳුම අරුවක්කාලු කසල අංගනය බවයි සඳහන් කරයි.
එවන් තත්ත්වයක් තුළ නගරාධිපතිනියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැඩි කනස්සල්ල පලකරන බව ලේකම්වරයා පෙන්වාදෙයි.

ගැටලුව පිළීබඳ අද පෙරවරුවේ බලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්විමට බලාපොරොත්තු වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post