News Line| Off Air
Generic placeholder image

Oct
16

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට වැඩි අත්තිකාරම් මුදලක්

596 Views


දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට වැඩි අත්තිකාරම් මුදලක්

මෙවර දීපවාලි උත්සවය වෙනුවෙන් වතු කම්කරුවෙකුට රු. පහලොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට රජය කටයුතු කර ඇත.
නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුට රු දසදහසක්ද රජය මගින් රු පන්දහසක මුදලක්ද ලබා දිමට කටයුතු කරන බවයි.
ශ්‍රි ලංකා තේ මණ්ඩලය සතු මුදල් වලින් වතු සමාගම්වලට පොලි රහිතව නැවත මුදල් අය කර ගැනිමේ පදනම මත එක් කම්කරුවෙකුට රු පන්දහස බැගින් තේ මණ්ඩලය සතු මුදල් වතු සමාගම් වෙත මුදා හැරිම සදහා කැබිනට් පත්‍රිකාවක් වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල බව අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.

දිපාවලි උත්සවයකදී ඉථිහාසයේ මෙතෙක් ගෙවා ඇති වැඩිම අත්තිකාරම් මුදල මෙවර දිපාවලි උත්සව සමයේ ගෙවන බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post