එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හීදී පැවැත්වෙන පන්දුවාර 10 ප්‍රීමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ අනුව ඊයේ පැවති ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියෙදී මෙලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් පහත කණ්ඩායම් වලට වෙන්දේසියට ලක් වුණා.
එනම්,
ලසිත් මාලිංග – Maratha Arabians
දසුන් ශානක – Maratha Arabians
වනිඳු හසරංග – Maratha Arabians
භානුක රාජපක්ෂ – Deccan Gladiators
නිරෝෂන් දික්වැල්ල – Team Abudhabi
තිසර පෙරේරා – Bangla Tigers
කුසල් ජනිත් පෙරේරා – Delhi Bulls යන ක්‍රීඩකයින්ය.
මෙම 2019 T10 League තරගාවලිය කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් නොවැම්බර් 14 වැනිදා සිට නොවැම්බර් 24 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.