News Line| Off Air
Generic placeholder image

Oct
18

ඔලිව් තෙල් ඇත්තටම විශ්මිතද?

6254 Views


ඔලිව් තෙල් ඇත්තටම විශ්මිතද?

ඔලිව් තෙල් කියන්නේ ඔබේ රූප සෞන්දර්යය වගේම, සෞඛ්‍යයත් වැඩි කර ගන්න උදව් වෙන හරි අපූරු තෙල් වර්ගයක්. මේ අගනා තෙල් වර්ගයට රූපලාවන්‍ය සත්කාරයේදී ඉහලම ස්ථානයක් හිමි වෙනවා.එමෙන්ම ඔලිව් තෙල් යොදා නිපදවන ලද රූපලාවන්‍ය ආලේපන වර්ගත් බොහොමයක් මේ වන විට වෙළඳපලේ පවතිනවා. අද බොහෝ දෙනෙක් ආහාර සැකසීම සඳහාත් ඔලිව් තෙල් භාවිතා කරනවා. ඔලිව් තෙල් වල විශ්මිත බව දැනගන්න පහත කරුණු කියවන්න.

ඔලිව් තෙල් ලබා ගන්නා ආකාරය

නොඉදුණු ඔලිව් ගෙඩි කොළ පාට වන අතර, ඒවා ඉදුණු පසු කළු පාට වනවා. මේවා ඉදුණු පසු යන්ත්‍රානුසාරයෙන් තලා පොඩි කරනවා. එහිදී ගලා එන ඔලිව් තෙල් වල ජලයද මුසු වී පවතිනවා. එම ජලය ඉවත් කල පසු ලැබෙන ඔලිව් තෙල් රන්වන් පැහැයකින් යුක්ත වනවා.

ඔලිව් තෙල් ආහාර පිණිසත් ලබා ගන්නවා

ඔලිව් තෙල් වල 80%ක්ම අඩංගු වන්නේ ඔලික් අම්ලයයි. මේ ඔලික් අම්ලය නිසා, ඔලිව් තෙල් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වීමේ අවදානම සහ හදවත් රෝග ඇති වීමේ අවදානම අඩු වන බව කියවෙනවා. නමුත් ඒ ඔලිව් ගෙඩි තැලීමෙන් ලබා ගන්නා මුල්ම තෙල් වලින් බව සදහන්.

ඔලිව් තෙල් කදිම රූපලාවන්‍ය සත්කාරකයක්

ඔලිව් තෙල් වල විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් අඩංගු වෙනවා. එමඟින් සම ආරක්ෂා කර, පැහැපත් කර දීමට සමත් වෙනවා. සම පිරිසිඳු කිරීමටත්, සමේ තෙතමනය රැක දීමටත් මෙය උපකාරී වෙනවා.

ඔලිව් තෙල් ගැන ඔබ නොදත් දේ

වෙළඳපොලේ ඉහල මිල ගණන් වලට ඔලිව් තෙල් විකිනීමට තබා තියෙනවා. ඔවුන් අපට ඔලිව් තෙල් ගැන නොකියන රහස් කීපයක් තිබෙනවා. ඒ ඔවුන්ගේ විකුණුම් වැඩි කර ගැනීමේ අරමුණින්.

ඔලිව් තෙල් වල නියමිත ගුණත්වය රැඳී පවතින්නේ අවුරුදු එකහමාරක් වැනි කාලයක් තුලයි. ඉතින් ඔබ ඔලිව් තෙල් මිලදී ගැනීමේදී කල් ඉකුත් වීමේ දිනය විතරක් බලලා මදි. ඔබට හැකි නම් නිෂ්පාදිත දිනය පිරික්සා, නිපදවා වැඩි කාලයක් ගත නොවූ නිෂ්පාදනයක් පමණක් මිලදී ගන්න.

ඔලිව් තෙල් ගබඩා කොට තැබිය යුත්තේ අඳුරු සහ සිසිල් ස්ථාන වලයි. හිරු එලියට නිරාවරණය වීමෙන් ඔලිව් තෙල් වල ගුණත්වය අඩු වී යනවා. ඉතින් ඔබ මිලදී ගන්නා වෙළඳසැලේ ඔලිව් තෙල් බෝතල් ගබඩා කොට ඇත්තේ අව්වට හසු වන සේ නම්, ඒවා කවදාවත් මිලදී ගන්න එපා. ඒ වගේම තමයි ඔබ ඔලිව් තෙල් මිලදීගෙන නිවසට ගෙනා පසුත්, තෙල් බෝතලය අඳුරු ස්ථානයක ගබඩා කර තබන්න අමතක කරන්න එපා.

ඔබ එකම පොල්තෙල් තාච්චියෙන් ආහාර කිහිපයක් බදිනවා විය හැකියි. නමුත් ඔලිව් තෙල් වලින් යමක් බැදිය යුත්තේ එක් වරක් පමණයි. එක වරක් බැදීමට පාවිච්චි කල ඔලිව් තෙල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයන් නැසී යනවා. ඒ නිසා එකම තෙල් නැවත නැවත පාවිච්චි කිරීමේ ඵලක් නැහැ.

ඔලිව් තෙල් වර්ග කීපයක්ම පවතිනවා. ඔලිව් තෙල් නම දුටු පමණින් ඔලිව් තෙල් බෝතල් මිලදී ගන්නේ නැතිව ඒ කුමන වර්ගයදැයි පිරික්සා කර බලන්න. පිළිකා සහ හදවත් රෝග අවදානම පහ කිරීමේ ගුණ ඇත්තේ ඔලිව් ගෙඩි වලින් මුලින්ම ලබා ගන්නා තෙල් තුල පමණයි. පහතින් සඳහන් වන්නේ ඔලිව් තෙල් වර්ග කීපය ගැනයි.

ඔලිව් තෙල් වර්ග

ඔබ ඔලිව් තෙල් මිලදී ගන්නා විට, ලේබලයේ ගසා ඇති නම පිරික්සීමෙන් ඔබට හොඳම ඔලිව් තෙල් මිලදී ගැනීමට හැකි වනු ඇත.

Extra-virgin olive oil

Extra-virgin olive oil යනුවෙන් හඳුන්වන්නේ ඔලිව් ගෙඩි වලින් ලබා ගන්නා මුල්ම තෙල් වර්ගයටයි. මේ තෙල් වර්ගයට කිසිදු රසායනිකයක් එක් නොකරයි.

Virgin olive oil

Virgin olive oil යනුවෙන් හඳුන්වන්නේ ඔලිව් ගෙඩි වලින් දෙවනුව ලබා ගන්නා තෙල් වර්ගයටයි. මේ තෙල් වර්ගයට කිසිදු රසායනිකයක් එක් නොකරයි.

Olive-pomace oil

මෙය තුන්වනුව ලබා ගන්නා තෙල් වර්ගය වන අතර, එයට රසායනික ද්‍රව්‍ය එක් කරයි.

Refined olive oil

මෙය ලබා ගන්නේ තෙල් පිරිපහදු කිරීමෙන්. මෙයටත් රසායනික ද්‍රව්‍ය යොදනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post