උතුරු සිරියාවේ සටන් විරාමකට තුර්කිය එකගතාව පල කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් හා තුර්කි ජනාධිපති රිසෙන් එඩර්ගෝන් අතර පැවති හමුවකින් අනතුරුවයි.
ඒ අනුව කුර්දි නායකත්වයෙන් යුත් හමුදාවට උතුරු සිරියානු ප‍්‍රදේශ වලින් ඉවත් වීම සදහා මෙම සටන් විරාමයට එළඹ තිබෙනවා. සිරියාවේ අයි.එස්. ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමට අමෙරිකාවට සහය පල කලේ කුර්දි සටන්කාමීන් විසින්.
කුර්දි සටන්කාමීන්ට එරෙහි හමුදා මෙහෙයුම් ඇරඹීමට තුර්කියට ඉඩ දී සිරියාවේ ඊසානදිග ප‍්‍රදේශයෙන් අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාට දැඩි විවේචන එල්ල වුණා.