පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පල කරමින් තිබුණු ජන රැලියකට එක් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදුන් බවට චෝදනා ලැබූ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් කර තිබෙනවා. ඒ පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා මහත්මිය ඊයේ නියෝග කිරීමෙන් අනතුරුවයි.