දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර / සබරගමුව / දකුණු සහ ඌව පලාත් වල මිලි මීටර 75 ත් 100 ත් අතර වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි.
අකුණු අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටිනවා.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශ වල වැසි ඇතිවන විට තාවකාලිකව පැයට කිලෝ මීටර 70 ත් 80 ත් අතර තද සුළං ඇතිවිය හැකියි.
ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දැනුම්දී සිටිනවා.
වැසි තත්වය ලබන මාසය දක්වා පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ.
බදුල්ල /නුවර / කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්ක වල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන තව දුරටත් ක‍්‍රියාත්මකයි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. නුවර දිස්ත‍්‍රික්කයේ නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ ගග වට කෝරළය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහායි.
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කළා.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලංගොඩ / ඉඹුල්පේ හා ඕපනායක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නාය යෑමේ අනතුරු ඇගවීම් තව දුරටත් බලාත්මකයි.