News Line| Off Air
Generic placeholder image

Oct
19

කාන්තාවන් පමණක් අභ්‍යාවකාශයේ ඇවිදීමකට එක්වූ ප්‍රථම අවස්ථාව ඊයේ සිදුවෙයි

1024 Views


කාන්තාවන් පමණක් අභ්‍යාවකාශයේ ඇවිදීමකට එක්වූ ප්‍රථම අවස්ථාව ඊයේ සිදුවෙයි

අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ රැදී සිටින ඇමරිකානු අභ්‍යාවකාශගාමිනියන් දෙදෙනා ඊයේ උඩු ගුවනේ ඇවිදීමකට එක්වුණා.

ඒ, අයි.එස්.එස්. මධ්‍යස්ථානයේ පිටත අලුත්වැඩියා කටයුත්තකට එක්වෙමින්. ක්‍රිස්ටීනා කොච් සහ ජෙසිකා මියර් යන අභ්‍යාවකාශගාමිනියන්ට එහිදී ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් දුරකථන ඇමතුමක් ලැබීම විශේෂත්වයක් වනවා.

ඔවුන් පැය 7ක පමණ කාලයක් ගගන මධ්‍යස්ථානයෙන් පිටත අභ්‍යාවකාශයේ ගත කර ඇති අතර මෙලෙස කාන්තාවන් පමණක් අභ්‍යාවකාශයේ ඇවිදීමකට එක්වූ ප්‍රථම අවස්ථාව මෙය බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post