ඉදිරි ජනපතිවරණය සදහා අදාළ තැපැල් ජන්ද පත්‍රිකා මේ වනවිට අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබා දීම ආරම්භ කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.
රාජ්‍ය සේවකයින් ලක්ෂ 06 කට අධික පිරිසක් මෙවර ජනපතිවරණයේ තැපැල් ජන්ද සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 31 වැනිදා සහ නොවැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.