රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට අත්‍යාවශ්‍ය වූ මී පැණි ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න
945 Views
ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. අපි මේ කියන්න යන්නේ ලස්සන වෙන්න උපකාර වන ඉතාම වැදගත් දෙයක් වන අපි කවුරුත් දන්න මී පැණි යොදාගන්නේ කොහොමද කියලයි.
කිසිදා කල් ඉකුත් නොවන මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට මී පැණි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස තිබුණ බව එම සාක්ෂිවලින් ඔප්පු වෙනවා.
ස්වාභාවික cleanser එකක් වන මී පැණි සමේ මැරුණ සෛල හොඳින් ඉවත් කර දිදුලන සහ පැහැපත් සමක් උරුම කර ගැනීමට උපකාරී වනවා.
මේ රූපලාවණ්‍ය කටයුතු සඳහා මී පැණි යොදාගත හැකි ආකාර කිහිපයක්.
- සතියකට වරක් හෝ දෙවරක් මී පැණි යොදා ඔබේ මුහුණ සෝදන්න. සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා ගැනීමට ඔබට එයින් හැකියාව ලැබෙනවා.
- මී පැණි සහ තක්කාලි යොදාගෙන ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. ඒ මිශ්‍රණය ඔබේ සම මත මිනිත්තු 15 – 20 පමණ කාලයක් තබා ගෙන සිට ඉන්පසු සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබී පැහැදිලි සමක් උරුම කර ගැනීමට ඔබට හැකිවේවි.
- කිසිවක් මිශ්‍ර නොකරන ලද මී පැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබා ගැනීමට හැකිවේවි.
- රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණේ මී පැණි ස්වල්පයක් ආලේප කරන්න. සම එල්ලා වැටීම සහ වයස්ගත වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි.
- මී පැණි කෝප්ප ¼ කට රෝස වතුර හැඳි තුනක් පමණ දමා මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කරවිනාඩි 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිදුලන සමක් උරුම කරගැනීමට ඔබට අනිවාර්යයෙන්ම හැකිවේවි.
සම සඳහා පමණක් නොව නිරෝගී කේශ කලාපයක් ලබා ගැනීමටත් මී පැණි භාවිතා කිරීමට ඔබට පුළුවන්.
- ඔබේ හිස කෙස් සේදූ පසු conditioner එකක් ලෙස හිසකෙස් මත මී පැණි ආලේප කර සෝදා හරින්න. සිනිඳු හා දිදුලන කෙස් කළඹක් ලබාගැනීමට ඔබට හැකි වේවි.
- මී පැණි සහ ඔලිව් තෙල් මිශ්‍රණයක් සාදා ගන්න. එය හිස කෙස් මත අතුරා පැයක් පමණ කාලයකට පසු සෝදා හරින්න. හිස කෙස් සවිමත් වීම එයින් සිදුවනවා.