News Line| Off Air
Generic placeholder image

Oct
23

අපේ පියානෝව අපි බලා ගන්නම් – රංජන් රාමනායක කියයි

911 Views


අපේ පියානෝව අපි බලා ගන්නම් – රංජන් රාමනායක කියයි

රටට අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්නවලට සෘජුව පිළිතුර ලබාදෙන ජනාධිපති අපේක්ෂයවරයෙක් බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා.

පුත්තලම ප්‍රදේශයේ පැවති රැළියන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති අපේක්ෂකවරයෙකු වන පුද්ගලයා අත්දැකීම් හා පලපුරුද්ද තිබුය යතු බව රංජන් රාමනායක මහතා මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරණයේදී සිංහල නොදන්නා ඇමරිකානු පුරවැසියෙකුට ඡන්දය ලබා දෙනවාද නැතහොත් ප්‍රේමදාස මහතාගේ පුතාට ඡන්දය ලබා දෙනාවද යන්න ජනතාව විසින් තීරණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පැවසුවා.

“විමල් වීරවංශ මහත්තයා කියලා තියනවා. පුතානෝ වගේම පියෝනෝ පරිසම් වෙන්න එයා පරදින්න ඉඩ තියෙනවා කියල. විමල් වීරවංශ මහත්තයෝ අපේ පියානෝව අපි බලා ගන්නම්“


News Articles
Latest Videos
Most Popular Post