පාස්කු ඉරිදා දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ත්‍රිත්වයක් සහ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක් ඉල්ලක කර ගනිමින් එල්ල කල ඉස්ලාමිය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම ප්‍රහාරය පිලිබදව විමර්ශනයට අදාලව ජනාධිපති සහ අගමැති ඇතුළුව 60 කට අධික පිරිසකගේ සාක්ෂි කරුණු සටහන් කර ගනු ලැබූ අතර මෙම කාරක සභා වාර්තාව පිටු 200 කින් සමන්විත වන අතර විශේෂයෙන්ම මෙවැනි සිදුවීමක් සිදු වීමට සිදු වූ අතපසුවීම්, දුර්වලතා අඩුපාඩුකම් විමර්ශන වාර්තා වල සදහන් අතර මෙවැනි සිද්ධියක් යළි ඇති නොවීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙහි නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.