ඊයේ ලෝටස් වටරවුමේ දී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිදු කරනු ලැබූ උද්ඝෝෂණයෙදී අත්අඩංගුවට ගනු ලැබූ විශ්ව විද්‍යාල සිසුවියක් ඇතුළු සිසුන් 52 දෙනා ඇප මත නිදහස් කිරීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ අතරින් එක් සිසුවෙකු නොවැම්බර් මස 08 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා. ඒ ඔහු මිට පෙරද මෙවැනිම නඩුවක සැකකරුවකු ලෙස චෝදනා ලැබ ඇප මත නිදහස් ලැබූ අයෙක් හේතුවෙන්.