ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වුණා.
මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකවරුන්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
මහා සංඝරත්නය සහ ආගමික පූජකවරුන් වෙත පළමුව ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වුණු අතර අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස වෙත එය පිළිගැන්වූවා.
රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් වී තිබෙනවා.