ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ ඊයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූ බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී ගං වතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.