News Line| Off Air
Generic placeholder image

Oct
25

ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මාර්තු මාසයේදී දිවයිනට

723 Views


ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මාර්තු මාසයේදී දිවයිනට

අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් අධියරක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගීවීම සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මාර්තු මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මාර්තු 3 වනදා ඔවුන් පැමිණෙන අතර ටෙස්ට් තරග 2 කට/ 3 දින පුහුණු තරගයකට සහ සිව් දින පුහුණු තරගයකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහභාගීවනු ඇති.

3 දින පුහුණු තරගය මාර්තු 7 වනදා කටුනායකදී ආරම්භ වන අතර සිව් දින පුහුණු තරගය මාර්තු 12 වනදා කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය මාර්තු 19 වනදා සිට ගාල්ලේදීත් 2 වන ටෙස්ට් තරගය මාර්තු 27 වනදා සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post