චන්ද්‍රයාගේ භූ ගත ජලය පවතින්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා නව ගවේෂණ යානයක් එහි යැවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කරන බව වාර්තා වනවා.
වයිපර් ලෙසින් නම් කෙරුණු ගොල්ෆ් කරත්තයක් තරම් විශාල එම රොබෝ ගවේෂකය 2022 වසරේ සඳ මත පතිත කිරීමට අපේක්ෂා කරන බව සදහන්.
2024 වසරේදී ඇමරිකානු ගගනගාමීන් නැවතත් සඳ වෙත යැවීමට සැලසුම් කෙරෙන අතර, ඊට පෙර සඳේ ජලය පවතින්නේ දැයි තහවුරු කර ගැනීම මෙම පර්යේෂණයේ අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.