News Line| Off Air
Generic placeholder image

Oct
28

දෙවන 20 යි 20 තරගයෙන් මිචෙල් ස්ටාර්ක් ඉවතට

2362 Views


දෙවන 20 යි 20 තරගයෙන් මිචෙල් ස්ටාර්ක් ඉවතට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියා ප්‍රභල වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාර්ක් ඉවත් වී තිඛෙනවා.

සිය සෙහොයුරාගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමට සිදුවීම ඊට හේතු වී ඇති බව සදහන්.

ස්ටාර්ක් වෙනුවට නවක වේග පන්දු යවන්නෙකු වන බිලී ස්ටෙන්ලෙක් කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි විදෙස් පුවත් සඳහන් කළේ.

ඔහුට අමතරව ශෝන් ඇබට් කෙරෙහිද ඔස්ට්‍රේලියා තේරීම් කමිටුව අවධානය යොමු කර තිඛෙනවා.

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන 20 යි 20 තරඟය අනිද්දා (30) බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිත අතර පළමු තරඟය ජය ගත් ඔස්ට්‍රේලියාව එකට බින්දුවක් ලෙස තරඟමලාවේ ඉදිරියෙන් පසු වනවා.


News Articles
Latest Videos
Most Popular Post