News Line| Off Air
Generic placeholder image

Oct
29

ඉන්දියාවේ කෙසෙල් සැණකෙළියක්

649 Views


ඉන්දියාවේ කෙසෙල් සැණකෙළියක්

ඉන්දියාවේ මනිපුරි ප්‍රාන්තයේ පැවති සු‍විශේෂී සැණකෙලියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

එම සැණකෙළිය “කෙසෙල් සැණකෙළිය” යනුවෙන් නම්කර ඇති බව සදහන්.

ඉන්දියාවේ ඊසානදිග මනිපුරි ප්‍රාන්තයේ වාර්ෂික “කෙසෙල් සැණකෙළිය” මෙවර පැවැත්වුණේ දෙවන වරටයි.

විවිධ විශේෂයන්ට අයත් කෙසෙල් වර්ග මෙම සැණකෙළියේ ඇති අතර එහිදී මනිපුරි ප්‍රාන්තයේ ජන නැටුම් කිහිපයක්ද එහිදී දැකගැනීමට හැකි වී තිබෙනවා.

කෙසෙල් විශේෂ කිහිපයකට මෙන්ම වෙනත් කෘෂි නිෂ්පාදන කිහිපයක් සඳහාද මනිපුරි ප්‍රාන්තය ප්‍රසිද්ධියක් උසුලනවා.

ලොව පැරණිම පළතුරු අතරින් එකක් ලෙස කෙසෙල් සැලකෙනවා.

ඉන්දියාව, ලොව විශාලතම කෙසෙල් වගාකරුවන් අතරටද එක්වී සිටින අතර කෙසෙල් වගාව එරට ආර්ථිකයේ ප්‍රධාන දායකත්වයක් උසුලන බවද විදෙස් වාර්තා සඳහන් කළා.

මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන වාර්ෂික කෙසෙල් සැණකෙළිය පවත්වනු ලබන අතර සැණකෙළිය නැරඹීමට,අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද බොහෝ පිරිසක් සහභාගිවී සිටිනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post