දිවයිනේ බොහෝ පාලත් වලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.
ඒ අනුව දිවයිනට නිරිත දිග ප්‍රදේශයේ වායුගෝලයේ පවතින වැසි තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම දිවයින වටා
මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ අවධානමක් ඇති විය හැකි බැවින් ඒ පිලිබදව ධීවර හා නාවික ප්‍රජාව සැලකිල්ලෙන් පසු වන්නැයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
එමෙන්ම දකුණු, ඌව හා නැගෙනහිර පළාත්වල හා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන සඳහා මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව වාර්තා වන අතර දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-ඉක්මවන බවයි සදහන් වන්නේ.