යුරෝපා සංචාරයක් සදහා යුරෝපයට ගිය සනිධප සංගීත කණ්ඩායම එහිදී රිය අනතුරකට භාජනය වී තිබෙනවා. ඔවුන් ගමන් ගත් වාහනයේ රියදුරුට නින්ද ගොස් තිබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව ආරංචි මාර්ග සදහන් කළා.
මේ පිලිබද විමසීමට අප සනිධප සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔවුන්ව සම්බන්ධ කරගැනීමට මෙතෙක් නොහැකි වුණා.