ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම මවක් සහ පියෙක් රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටියදී ඔවුන්ගේ කුඩා දියණිය දියේ ගිලී මියයාමේ පුවතක් එම ප්‍රාන්තයෙන්ම වාර්තා වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රේවතී සංජනා නමැති වයස අවුරුදු දෙකක දැරියක් බව තමිල්නාඩු පොලීසිය පවසනවා.
ඊයේ (28) රාත්‍රියේ දැරිය වතුර බේසම තුළ සිටි අවස්ථාවේදී ඇගේ මව සහ පියා රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම නරඹා තිබෙනවා.
පසුව සිය දරුවා සිහිවී ඇය සෙවීමේදී දැරිය බේසම තුළට වැටී සිටි බව ඔවුන් දැක ඇති අතර දැරිය කඩිනමින් රෝහල්ගත කිරීමට මව්පියන් කටයුතු කළද ඒ වන විටත් ඇය මියගොස් ඇති බව වාර්තා වනවා.