News Line| Off Air
Generic placeholder image

Oct
30

තැපැල් ඡන්ද විමසීම අධියර 3 කින්

598 Views


තැපැල් ඡන්ද විමසීම අධියර 3 කින්

2019 ජනාධිපතිවරණයේ හෙට පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද විමසීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කළා.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අධියර 3 ක් යටතේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටී.ඩී හේරත් මහතා කියා සිටියා.

ඒ අනුව පොලිසිය සහ දිස්ත්‍රීක්ලේකම් කාර්යාල හැර සියලුු රාජ්‍ය ආයතනවලට අදාල ඡන්ද විමසීම හෙට සහ අනිද්දා දින දෙකේදී පැවැත්වීමට නියමිතයි.

පොලිසිය සහ දිස්ත්‍රීක්ලේකම් කාර්යාල සේවකයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට ලබන 04 සහ 05 දින දෙක වෙන් කර තිඛෙනවා.

අදාල දිනවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post