News Line| Off Air
Generic placeholder image

Oct
30

දෙවැනි තරගයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

952 Views


දෙවැනි තරගයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද දරුණු පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගිය අතර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 60ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 53ක් රැස්කළා.

දැවී ගිය එකම පිතිකරුවා වූ ආරොන්ච් ෆින්ච් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට නායක ලසිත් මාලිංග සමත්වුණා.

ගැබා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 දී සියලුම දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 117ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 හා කුසල් පෙරේරා ලකුණු 27ක් රැස්කිරීමට සමත්වූ අතර වෙනත් කසිම ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට නොහැකි වුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ පැට් කමින්ස්, ඇඩම් සැම්පා, ඇශ්ටන් අගාර්, බී. ස්ටෑන්ලේක් කඩුලු 2 බැගින් දවාගත්තා.

මෙම ජයත් සමගින් තරග තුනකින් සමන්විත වූ විස්සයි 20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post