News Line| Off Air
Generic placeholder image

Oct
30

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු සදහා යෙදීම තහනම්

532 Views


පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු සදහා යෙදීම තහනම්

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු හෝ දේශපාලන ප්‍රචාරක රැස්වීම් සඳහා සහභාගිවීමට භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිසන් සභාව අවධාරණය කරනවා.

පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සිය නිල වාහන ස්වකීය පළාත් පාලන බල ප්‍රදේශයේ බැහැරව පැවැත්වෙන දේශපාලන රැස්වීම්වලට සහභාගිවීමට හා ප්‍රචාරක කටයුතු මෙන්ම පෝස්ටර්, අත්පත්‍රිකා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බවට වාර්තා වී ඇති බව එම කොමිසම සඳහන් කළා.

යම් පළාත් පාලන ආයතන ප්‍රධානියෙකු සිය නිල වාහනය භාවිත කරමින් දේශපාලන රැස්වීම්වලට සහභාගිවීම හෝ දේශපාලන කටයුතුවලට නිල වාහන යොදා ගැනීම රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමක් සේ සලකන බව මැතිවරණ කොමිසන් සභාව පෙන්වා දෙනවා.

එමෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල නිවාස ද දේශපාලන පක්ෂ හෝ අපේක්ෂක ප්‍රවර්ධනයට, ජනතා රැස්වීම් හෝ මාධ්‍ය සාකච්ඡා සඳහා යොදාගත නොහැකි බව මැතිවරණ කොමිසම සදහන් කර තිබෙනවා.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී එය සනාථ වුවහොත් මැතිවරණ කොමිසන් සභාවේ විධාන කඩ කිරීමක් සේ සලකා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට හා ඒවායේ පරිපාලනය භාර නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කරන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post