විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ,ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී ජාතික හැදුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආයුතු බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.
මෙවෙනි ඡන්ද හිමියෙකුට විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කලද ,ඊට අමතරව සිය අනන්‍යතාවට අදාළව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක් ද ඉදිරිපත් කිරීම අනිවාර්ය බව කොමිෂම දැනුම් දී තිබෙනවා.
විදේශගත වී සිටි ඡන්ද හිමියන්ගේ නිල ඡන්ද දැන්වීම්පත් 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ සඳහන් සාමාන්‍ය පදිංචි ලිපිනය වෙත තැපල්කොට යවා ඇති බවද මැතිවරණ කොමිෂම සදහන් කළා.