News Line| Off Air
Generic placeholder image

Oct
31

පාකිස්තානයේ දුම්රියක් ගිනි ගනි – 64 ක් මරුට

661 Views


පාකිස්තානයේ දුම්රියක් ගිනි ගනි –  64 ක්  මරුට

පාකිස්තානයේ කරච්චි සිට ලාහෝර් බලා ගමන් කරමින් තිබු දුම්රියක ඇතිවු හදිසි ගින්නකින් පුද්ගලයින් 64 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් කෑම පිසිම සදහා යොදා ගත් ගෑස් සිලින්ඩරයක් හදිසියේ පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බව පකිස්තාන බලධාරින් පවසයි.

ගින්න දුම්රිය මැදිරි 03කට පැතිරි ගොස් ඇති අතර ගින්නට හසුවු බොහෝ පිරිසක් ධාවනය වෙමින් තිබු දුම්රියෙන් පැනිමට ගොස් මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post