ලොව කි‍්‍රකට් කී‍්‍රඩකයින් පිලිබද මාසික දෙවන වාර්ෂික සමීක්‍ෂණයේ සොයාගැනීම් කිහිපයක් පිලිබද තොරතුරු පහත දැක්වෙනවා.
ජාත්‍යයන්තර කි‍්‍රකට් තරගවලදී වැඩම දින ගණනක් කී‍්‍රඩා කරමින් ලොව කාර්යබහුලම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ජෝ රූට් පත්ව තිබෙනවා. ඔහු දින 81 ක් තුළ කි‍්‍රකට් තරගාවලි 43 කට සහභාගි වී තිබෙනවා.
මෙහි දෙවැනි තැන රොස් ටේලර් ලබාගෙන ඇති අතර ඒ දින 76 කදී තරගාවලි 42 කට සහභාගි වෙමිනුයි.
මෙම ලොව කාර්යබහුලම කි‍්‍රකට් කී‍්‍රඩකයින් අතරට ශී‍්‍ර ලංකා කී‍්‍රකට් කී‍්‍රඩක කුසල් මෙන්ඩිස් තුන්වන ස්ථානයට නම්කර ඇති අතර ඔහු දින 75 කදී තරගාවලි 39 ක් සදහා ඉදිරිපත් වී තිබෙනවා.
එමෙන්ම වැඩිම පන්දු ප‍්‍රමාණයකට මුහුණ දුන් කි‍්‍රකට් කී‍්‍රඩකයින් අතර පළමු තැන හිමිව තිබෙන්නේ විරාත් කෝලිටයි.
වැඩිම රටවල් ගණනක කී‍්‍රඩා කර ඇති කී‍්‍රඩකයින් ලෙස නේපාල් කි‍්‍රකට් කී‍්‍රඩක Sandeep Lamichhane සහ ඇෆ්ගනිස්ථාන් කී‍්‍රඩක Najibullah Zadran නම්කර ඇති අතර ඔවුන් රටවල් 8 කට කී‍්‍රඩාවේ නිරත වී තිබෙනවා.
එමෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදාන සහ තිසර පෙරේරා වැඩිම රටවල් සංඛ්‍යාවක තරගවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රටවල් 7 ක කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින් අතරට එක්ව තිබෙනවා.