News Line| Off Air
Generic placeholder image

Oct
31

සජිත්ගෙන් තවත් මැතිවරණ පොරොන්දුවක්

650 Views


සජිත්ගෙන් තවත් මැතිවරණ පොරොන්දුවක්

සෑම දිසාපති කොට්ඨාසයක්ම ආවරණය වන පරදි තාක්ෂණ උද්‍යාන නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජන රැළියක් ඊයේ(31) පස්වරුවේ තොටළඟ ප්‍රදේශයේ දී පැවැත්වුණු අතර එම රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටේ ඉදිරි ගමනේ ප්‍රධානතම පාර්ශවකරුවන් වන්නේ යොවුන් පරපුර බවත් ඔවුන්ට නව ශක්තියක් ලබා දිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකවරයා මෙහිදී පැවසීය.

ඔවුන්ට අලුත් අවස්ථා ලබා දිය යුතු බැවින් රටේම උප දිසාපති ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළින් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කර තොරතුරු තාක්ෂණය මෙන්ම ඉංග්‍රීසි භාෂාව හා තවත් අංශ ගණනාවක් තුළින් යොවුන් පරපුරට නොමිලේ අධ්‍යාපනය ලබා දීමටත් උපදිසාපති කොට්ඨාස තුළ තාක්ෂණික උද්‍යාන ඇති කර රජයේ අනුදැනුමින් තාක්ෂණ විද්‍යාලවලින් පිටවන දරුවන්ට එහි නව රැකියා අවස්ථා උප්පාදනය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post