News Line| Off Air
Generic placeholder image

Oct
31

මන්ත්‍රීවරු 225 අතරින් පසුගිය වසර හතරටම 90%ට වඩා පාර්ලිමේන්තු පැමිණීම සටහන් කර ඇත්තේ මන්ත්‍රීවරු 15 පමණයි

967 Views


මන්ත්‍රීවරු 225 අතරින් පසුගිය වසර හතරටම 90%ට වඩා පාර්ලිමේන්තු පැමිණීම සටහන් කර ඇත්තේ මන්ත්‍රීවරු 15 පමණයි

ඡන්දය,මාධ්‍යය සහ පාර්ලිමේන්තුව යන මාතෘකාව ඔස්සේ සංවිධානය වූ විශේෂ සංවාදමය වැඩසටහනක් ඊයේ දිනයේදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙය සංවිධානය කරනු ලැබුවේ ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරික්ෂණය වෙබ් අඩවිට වන Manthri.lk වෙබ් අඩවිය විසිනුයි.

මෙහිදී පාර්ලිමේන්තුවේ වසර හතරක ක්‍රියාකාරිත්වය පිලිබන්ද කෙටි විශ්ලේශනයක් ඉදිරිපත්වූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම වසර 4 මුළුල්ලේ පාර්ලිමේන්තුවේ මුලු ඵලදායි කාලයෙන් 20%ක්ම දායකත්වය දී ඇත්තේ මන්ත්‍රිවරු 10 දෙනෙක් පමණක් බවයි. එමෙන්ම ඉදිරිපත්වූ කල්තැබිම් යොජනා 243ක් අතරින් කල්තැබිම් යොජනා 50ට වැඩි ප්‍රමානයකට දායකත්වය ලබාදී තියෙන්නේ මන්ත්‍රිවරු 4දෙනෙක් පමණක් බවද ඔවුන් පෙන්වා දුන්නා. කල්තැබීමේ යෝජනා සදහා මෙම වසර 4 ඇතුලත මන්ත්‍රීවරු 13 දෙනෙකු කිසිදු දායකත්වයක් දක්වා නැති අතර පාර්ලිමේන්තු පැමිණිමේදී 90%ට වඩා පැමිණීමක් වාර්තාකර ඇත්තේ සමස්ත 225 දෙනාගෙන් මන්ත්‍රීවරු 15 දෙනෙකු පමණක් වීමද විශේෂත්වයක්. මෙම සියළු කරුණු වැඩිදුරටත් දැනගැනීමට Manthri.lk වෙබ් අඩවිය හරහා ඔබටත් අවස්ථාව පවතිනවා.

මෙම සංවාදයට පැෆරල් සංවිදානයේ අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා,මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරික්ෂණ මද්‍යස්ථානයේ ජාතික සංවිදායක මන්ජුල ගජනායක මහතා,ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්‍ය එම්.ජි ආර් ඩෙවිඩ් සහ Manthri.lk වෙබ් අඩවියේ සහකාර විශ්ලේශක ෂදිසා ධර්මප්‍රේම යන පිරිස සහභාගී වුණා.


News Articles
Latest Videos
Most Popular Post