රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ නඩුව අද කැදවු අවස්ථාවේ තෙවන සැකකාර පාර්ශවය වන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ඒ සම්බන්ධ නඩුව පෙබරවාරි 20 වනදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය කටයුතු කළා.