News Line| Off Air
Generic placeholder image

Nov
5

අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වෙයි

482 Views


අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වෙයි

අමෙරිකාව, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැරිස් කාලගුණ සම්මුතියට අයත් අනෙක් සාමාජික රටවල් සිය කණගාටුව පළ කර තිබෙනවා.

පැරිස් කාලගුණ සම්මුතිය හරහා අමෙරිකානුවන්ට අසාධාරණ ආර්ථික බරක් දැරීමට සිදුවන බව අමෙරිකාවේ අදහසයි.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව වසරක ක්‍රියාවලියකින් අනතුරුව අමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් වනු ඇති අතර එහි ආරම්භය 2020 ජනාධිපතිවරණයෙන් පසුදින ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

ගෝලීය උණුසුම ඉහළ යාම, කාර්මීකරණයට පෙර පැවැති අගයට වඩා සියයට 2 කට අඩු අගයකින් පවත්වාගෙන යාම පැරිස් සම්මුතියේ අරමුණක් වනවා. ඒ සඳහා එක්ව සිටින රටවල් සංඛ්‍යාව 188 ක්.


News Articles
Latest Videos
Most Popular Post