වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් රෝහල්ගතකර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන්ගත් මගීන් 29 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරුට බව වාර්තාවනවා.
මාතර සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල දක්වා ධාවනය වූ ටිපර් රථයක මෙලෙස මුහුණට මුහුණැ ගැටී ඇති බව සදහන්.